Monday, September 3, 2012

පැටික්කිගෙ පින්තූර ටිකෙන් windowsXP Screen saver එකක් හදමු (කොම්පියුටර් ජිල්මාට්ස් පාට්නම්බර් 25)



ලේ කිරි කරල පොවද්දි ඒක බොන්න ඉක්මන් නොවුන මම.. ඉස්කෝලෙදි  "අ" යන්න කියන්න ඉක්මන් නොවුන මම..  කටට ඔබපු බත් ගුලිය ගිලගන්න ඉක්මන් නොවුන මම.. අවුරුදු 18 පිරෙන්නත් කලින්, තනි වුන කාමරේක ඇදක් උඩට වෙලා ඇගේ ඇගට අත තියන්න තරම්  ඉක්මන් වුන මම.. මේ මමම දැයි හිතා ගන්න බැරුව ඉන්න වෙලේ.. මගේ හිසකෙස් පිරිමැදපු ඇගේ අත අල්ලපු වෙලේ  දැනුනෙ හරියට හුරු පුරුදු ගතියක්.. ඒ අතේ රස්නෙ.. සුවද... 
…ඇයි පුතා ඔලුව හුගක්  රිදෙනවද...?
…කටහඩ නම් අම්මිගෙ.. අම්මි කොහෙද මෙහේ..? මම මේ ඉන්නෙ මගේ රූම් එකේ නේද...? එතකොට මම දැක්කෙ පාට පාට හීනයක්වත් ද...? හීන දකිනව විතරයි.. කොහෙද ඉතින් ඒව ඉස්ඨ කරගන්න පුලුවනෑ.. තාම පොඩි එකානෙ.. පොඩි එකා උණාට හිත ලොකුයි නෙ..
…ඔව් අම්මි ටිකක් රිදෙනව.. ඔලුව රිදෙන හින්ද ම ඇගටත් අමාරුයි ඒ හින්දමද කොහෙද නින්ද ගිහිපු වෙලේ දැකපු හීනයක්..
…කොහෙද ඉතින් පැටික්කිට කොච්චර කිව්වත් ළගට එන්න ඇවිත් මම ළගින්ම ඉන්න කියල කිව්වට අහන එකක්යැ.. හීනෙන්ම  දැක්කොත් මිසක..

…හැමදාමත් පැටික්කිව මගේ ළගට ගන්න ඇත්නම්.. ෆෝන් එකෙන් කතාකලාට රූපයක් පේනවයැ..
…නම ජිල්මාට්ස් නෙ වැඩත් ජිල්මාට්ස්  ඒහින්ද පැටික්කිව කාමරේටම ගෙන්න ගන්නයි සූදානම.. කාමරේට කිව්වෙ කොම්පියුටර් එකේ ඩෙස්ක්ටොප් එකට.. වැඩක් නැති වෙලාවකට පැටික්කිගෙයි මගෙයි එකට ගත්තු  ෆොටෝ ටික ස්ක්‍රීන් සේවර් එකක් විදියට හදාගන්න.. ලෙඩ ඇදේ ඉන්න මට දවස් දෙක තුනක් යනකන් පැටික්කිව බලන්න යන්න වෙන්නෙත් නැහැනෙ.. ඒ ඩිංගට කවුරු හරි කබරගොයෙක් ඇවිත් පැටික්කිව උස්සන් යයිද ..? එක මාලුවද මුහුදෙ ඉන්නෙ.. කිව්වලු.. මාලුව කිව්වමයි මතක් උණේ. මාලුව කියන්නෙ පිරිමි සතාට නෙ එතකොට ගෑණු සතා මාලු කෑල්ලද..? මාලු කෑල්ල කැතයිනෙ මැසින්න ලස්සනයි.. එක මැසින්නද මුහුදෙ ඉන්නෙ ..? නැහැනෙ.. පැටික්කිටත් ඒ ආනිසංසෙම තමයි.. ඒත් ඉතින් දැන් පැටික්කි ඉන්නවනේ..
…එහෙනම් පැටික්කිගෙ ෆොටෝ ටික එකතුකරල windows XP ස්ක්‍රීන් සේවර් එකක් හදාගනිමු.. 
…1. පැටික්කිගෙ ෆොටෝ ඇල්බම් එක උස්සල

My Documents > My Pictures

ෆෝල්ඩර් එක අස්සට රින්ගවන්නකෝ..
…2. ශරි.. දැන් 

Desktop
එක උඩ right click  කරන්නකෝ. > Properties
3. Screen Saver > My Pictures Slideshow

දැන් ඔතන්ට පැටික්කිගෙ ෆොටෝ ඇල්බම් එක පෙනෙයි..

settings
ගිහින් time එකක් දීල Apply කරල Ok කරන්නකෝ..

…දැන් ටිකක් පැත්තකට වෙලා බලන් ඉන්න.. ජිල්මාට්ස්ටත් ඉතින් මේ ලෙඩ ඇදේ ඉදන් කරන්න ජිල්මාට්ස්ගෙ සෙටාර් එකට කියල දෙන්න අයිඩියා පාරකට ආවෙ මේක.. තරහ වෙන්න එපා යාලුවනේ මේක පොඩි වැඩක් වෙන්න පුලුවන් ඔයාලට.. ජිල්මාට්ස්ගෙන් මීට වඩා වැඩකුත් බලාපොරොත්තුවෙන් ඉන්නත් ඇති.. ජිල්මාට්ස්ට පැටික්කිව බලන්න යන්න වෙන්නෙත් නැති එකේ මේකවත් කලේ හීනෙන් හරි එයාව තුරුලුකරන් හිටපු හින්දමයි. උඹලත් හීනෙන් දකින සිහින කුමාරිව මේ විදියටවත් ළගට ගන්න ජිල්මාට්ස් ලෙඩ ඇදේ ඉදන් උඹට සුභ පතනව.

2 comments: