Tuesday, July 31, 2012

Google Chrome එකටත් ගේම අදින ජිල්මාට්ස් (කොම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් එයිටීන්)


ජීවිතේ කියන්නෙ මහ අරුම පුදුම දේවල් වලින් පිරුණ එකක්... බඩ පැලෙන්න හිනාවෙන්න... වගේම තමයි, දුක එන කොට එන්නෙ පපුව පැලිල කොයිවෙලේ මැරෙයිද? කියල කියන්නවත් බැරිතරමටම දුක් දෙන තේරුම් ගන්න බැරි ජීවිතයක්
පහුගිය දවස් ටිකෙත් මේ ජිල්මාට්ස්ටත් දුක වාවගන්න බැරිව හිටියෙ, මොකද එයා එයාගෙ පණටත් වඩා ආදරේ කරන දෙන්නෙක්ම  ඉස්පිරිතාලෙ හදිසි අනතුරු වෝඩ් එකට ඇතුලත් කරලයි තිබුණෙ.. එකත් එකටම උඹල දැනටමත් හිතනව ඇති අනිවා මූ කෙල්ලො දෙන්නෙක් අමාරුවෙ දාල තමයි කියල... පිස්සුද...? කවදත් කොල්ලෙක්ට වැරදුනොත් උදව්වට ඉන්නෙ කොල්ලෙක්ම නෙ.. ඉතින් මේ ජිල්මාට්ස් ආදරේ කරන එයාගෙ යහලුවන්ට, ජිල්මාට්ස් ගොඩාක් ආදරේ කරනව.. මූණු පොතට ආවොත් ආයෙ යන්නෙ මොන වැඩේ තිබුණත් ඒවත් එක්කම චැට් එකත් අදිනව...
ජිල්මාට්ස්ගෙ මල්ලියි එයාගෙ හොදම යහලුවෙකුයි ඇක්සිඩන්ට් වෙලා හිටිය අස්සෙ එක්සෑම් එකකුත් වැටිල... ඉතින් ෆුල් අප්සට් එකේ තමයි ඇද්දෙ.. අතරෙ යාලුවන්ගෙන් තොරතෝoචියක් නැතුව එක දිගටම මැසෙජ්...කෝල්ස්... ඉස්පිරිතාලෙ බිත්ති 4කට කොටුවෙලා හිටපු ජිල්මාට්ස්ට ඒක ලොකු උදව්වක්...
බ්ලොග් එකේ අලුත් සෙල්ලම් පරක්කු හින්ද, මේ මෙලෝ දෙයක් දන්නෙ නැතිව කසුන් දිනෙල්ක කියල ජිල්මාට්ස්ගෙ ෆ්රෙඩෙක් ජිල්මාට්ස්ට කෝල් කරනව...
මචෝ..."පට්ට සයිට්.. එක තව තව සෙල්ලම් අපිටත් කියල දියන්කො,ඇයි ලියන එක නැවැත්තුවද...? උඹ කැමති නැද්ද අපි මේ සෙල්ලම් ඉගෙනගෙන ගන්නවට..? කියල... අම්මපා.., කසුනා ළග හිටියනම්..අතට අහුවෙන එකෙන් දමල අනින්න තරම් කේන්තියක් ආව.. පස්සෙ විතරේ කිව්වම ඌටම දුක හිතිල දවස් ගානක් මාව දයිරිය කරන්නම කතාකලා.. පවු කියලත් හිතුන මට..
පස්සෙ මමම කතාකරා.. දවස් ටිකට මාර විදියට ෆිට් උණා...
හිතේ පොඩියට හරි සතුටක් ආව දවසක මම ආයෙමත් කසුන්ට කතාකරල එයාගෙන්ම මීළගට දාන්න ඕනෙ මොනවගේ සෙල්ලමක්ද කියල ඇහුවම එකපාරටම උගේ කටින් පිට උනේ මචෝ උඹ දැනට Google එකටයි FireFox එකටයි ගේමක් දීපු එකේ, Chrome එකටත් ගේමක් ඇදපන් කියල...
පට්ට අයිඩියා පාර... තේ කහට එකක් බීලම සුභ මෙහොතින් වැඩේට අත තිබ්බ.. අපිට ඉතින් කොයින්ද කිරිකෝපි... ? ජිල්මාට්ස්ගේ ට්‍රයි එක ලොක්කයියගෙ නගාව අල්ල ගන්න නෙ... වෙන එකකට ට්‍රයි කලානම් මේ වෙනකොට අතින්ම මට කිරිකෝපි නෙවෙයි හැම දේම අතළගටම.. අතටත් නිදහසක් ලැබෙනව.. කොහෙද ඉතින් අතට නිදහසක් නැහැනෙ.. එළිවෙනකනුත් වැඩ..  මොනව කරන්නද...? .... කසුන්ගෙ වැඩෙත්  අමතක වෙනව..
ඕන් එහෙනම් කියන්නම්.. ජිල්මාට්ස්ගෙන් උදව් අරන් එක ස්පීඩ් කරගෙන බලන්නකො.. පස්සෙ අද රෑට දවසේ සිදුවීම් මතක් කොරන් වෙනවෙන වැඩ කරනව වෙනුවට අද රෑටවත් ඇදට ගිහින් ජිල්මාට්ස්ට පින් දියන්...
එහෙනම් මුලින්ම මෙන්න මෙහෙමයි වෙන්න ඕන...
1. press > Ctrl + Alt + Del  එහෙනම් මුලින්ම මෙන්න මෙහෙමයි වෙන්න ඕන...
2.  Process ටැබ් එකේ... google-chrome.exe  රයිට් ක්ලික් කරල  set Priority High කියල දෙන්න... (මතක තියාගන්න.. මේක ඔයා කොම්පියුටර් එකෙන් එන හැම වෙලාවකදිම කරන්න ඕන දෙයක්..මේකම විතරයි ඔයා වෙනස් කරන දේ සේව් වෙන්නෙ නැත්තෙ.. අනිත් කරන හැම මගුලක්ම කරන්න ඕන නැහැ හරිද...?  )
3.  Chrome URL එකේ...chrome://flags  ටයිප් කරල එන්ටර්....
4.  GPU compositing on all pages
     GPU Accelerated SVG and CSS Filters  මේ දෙකම enable  කරල re-launch  කරපන්කො.
5. ඊට පස්සෙ... settings > Appearance ටික් දෙකම අයින් කරපන්කො...
6.  Privacy > 
* Use a prediction service to help complete searches and URLs typed in the address bar
* Predict network actions to improve page load performance
* Enable phishing and malware protection
* Use a web service to help resolve spelling errors
    ටික් ටිකක් දාපන්කො...
7. Language >  Offer to translate pages that aren't in a language I read එකේ තියෙන ටික් එක අයින් කරපන්කො...
8.  HTTPS/SSL >  Check for server certificate revocation එකෙත් තියෙන ටික් එක අයින් කරපන්කො...
9. Settings > Tools > Clear all browsing data  මේ එන හැම එකක්ම ඩිලීට් කරල දාල ආයෙමත් chrome restart කරල බලමුකො....

වැඩේ හරි ගියොත් ජිල්මාට්ස් වෙනුවෙන් උඹල එකක් කරපන්.. මේ වෙනකොට ජිල්මාට්ස්ගෙ මල්ලි කෙනෙකුයි යාලුවෙකුයි ඉස්පිරිතාලෙ ඇදක් උඩ..  ඒ දෙන්නම මේ අවුරුද්දෙ උසස් පෙළ විභාගෙට ගණිත අශයෙන් ලියන්න ඉන්නෙ... ඒ දෙන්නටම ඉක්මනින් හොදවෙලා විභාගෙන් පාස් වෙන්න උඹල අදහන දෙවියන්ගෙන් ඉල්ලන්න... අන්න එච්චරයි මෙදා ජිල්මාට්ස් උඹලගෙන් ඉල්ලන්නෙ.. ඒ අහින්සක ඉල්ලීමක් විතරයි... 

15 comments:

  1. උබේ මල්ලිටයි,යාලුවටයි ඉක්මනට සුවය පාර්ථනා කරනවා...!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි චානක...

      Delete
  2. I wsh u all da bst mcn. ur bros vl gt wl soon. dnt b panic.

    ReplyDelete
    Replies
    1. Thanks machan.... Hiran... eda idanma uba mama ekka innawa kiyala mama dannawa, Thanks for ur wishes....

      Delete
  3. elazzz....machan niyamai....meka weda karanawa......thx you machan....ubage sahodarayo dennata ikman suwaya pathanawa mama......thawa thawa ewa liyapan macho...ubath ekka mama any time .......ok.

    ReplyDelete
    Replies
    1. Thanks machan, Kasuna... mama dannawa ubath mama ekka innawa kiyala, Thanks very much... aniwa thawa godak dewal mama ubalath ekka bedaganna enawa... mama danna dewal gurumushtiyak nathiwa kiyala denawa...
      ගුරුමුෂ්ඨි නැතිව දන්න දේ කියල දෙන්න මම හැමදාමත් ඔයාලත් එක්ක...
      එනි ටයිම්... මයි මොබයිල් ඇන්ඩ් මයි ඇක්ටිව් පේජස් ඕපන් ටු ඕල් ඔෆ් යූ... :)

      Delete
  4. පෝස්ට් 1ක හොදයි!!

    මල්ලිලා දෙන්නටම ඉක්මන් සුවය ලැබී හොදින් විභාගය ලියන්න ලැබේවා :)

    ජයෙන් ජය:)

    ReplyDelete
  5. නියමයි මචං... මල්ලිලට ඉක්මන් සුව ප්‍රාර්ර්තනා කරනව.. සිරාවටම හදල තියෙනව.. මැක්සා

    ReplyDelete
    Replies
    1. තැන්ක්‍යු මචන් සහන්... මම මේ පෝස්ට් එක ලියද්දියි මගේ මල්ලිල ඇක්සිඩන්ට් වෙලා හිටියෙ එයාල දෙන්නම මේ අවුරුද්දෙ උසස්පෙළ විභාගයටත් හොදින් මුහුණ දුන්න මචන්.. තැන්ක්‍යු ඔයාගෙ wish එකට... (Y) :)

      Delete
  6. Replies
    1. ඇත්තටම ඔව් මචන් නිශාන්.. මගේ මල්ලියයි..මගේ යාලුවයි දෙන්නම උසස් පෙළ විභාගෙටත් හොදින් මුහුණ දුන්න.. :)

      Delete
  7. Oya use karana web browser 1 mokakada ?

    ReplyDelete
  8. machan opera walatath gemak diyan

    ReplyDelete